මන්දපෝෂණයෙන් යේමන දරුවන් 85,000ක් මරුට

Share

පසුගිය වසර තුනක කාලය තුළ මන්දපෝෂණය හේතුවෙන් යේමනයේ වයස අවුරුදු පහට අඩු දරුවන් 85,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය බ්‍රිතාන්‍යයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන බර්මින්ග්හැම් නගරයේ ජීවත් වන සමස්ත වයස අවුරුදු පහට අඩු දරුවන් ප්‍රමාණයට සමාන අගයක් බව සේව් ද චිල්ඩ්රන් ආයතනය පෙන්වා දෙයි.

පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු අඟවා සිටියේ මිලියන 14ක් පමණ වන යේමන ජාතිකයන් පිරිසක් දැඩි සාගතයකින් පෙළෙන බවයි.

ලෝකයේ අතිශය දුරුණුතම මානුෂීය අර්බුදයක් ඇති කර ඇති වසර තුනක් පුරා ඇදී යන යේමන ගැටුම් නැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැඩි ප්‍රයත්නයක් දරනු ලබන්නේද මේ තත්ත්වය තුළය.

2015 වසරේදී සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනයේ හොයුතු කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමත් සමග ආරම්භ වූ මෙම ගැටුම් මේ වනවිට එරට මහා ඛේදවාචකයක් නිර්මාණය කර ඇත.

 

Read more

Local News