අලුත් ආණ්ඩුවෙන් බදු සහන රැසක් හෙට

Share

කෘෂිකාර්මික හා අපනය ක්‍ෂේත්‍රයන්ට අදාළ බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හෙට (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව පසුගිය ආණ්ඩුව විසින් කපා දැමූ පොහොර සහනාධාරය නැවැත ලබාදීම ඇතුළු බදු සහන රාශියක් ජනතාවට ලැබෙනු ඇති බව නිවාස ඉදිකිරීම් හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අසාධාරණ ලෙස අපනය වෙළඳාම මත පැනවූ බදු සහන ඉවත්කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News