මාර ගසක අත්තක් කඩා වැටි රෝහල් පිවිසුමට බාධා – PHOTOS

Share

හැටන් දික්ඔය මුලික රෝහලට පිවිසෙන එක් මාර්ගයකට විශාල මාර ගසක අත්තක් කඩා වැටිම හේතුවෙන් එම රෝහලට පිවිසිමට බාධා පැමිණ ඇත.

අද(23) උදැසන 8.15 ට පමණ එම රෝහලේ අපන ශාලාව අසල තිබු විශාල මාර ගසක අත්තක් මෙසේ කඩා වැටුණු බවයි එම රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරියෙකු පැවසුවේ.

වසර 100 කට වඩා ඉපැරණි මර ගසේ අත්ත කඩා වැටිම හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර, අත්ත කඩා වැටිමෙන් ප්‍රධාන මාර්ගය හරහා ඇද තිබෙන අධි බලැති විදුලි රැහන් පද්ධතියකට හා රෝහලේ රථ වාහන ගාල් කරන ගැරජයකට අලාභ හානි සිදු වි තිබේ.

මාර ගසේ අත්ත කඩා වැටිම හේතුවෙන් රෝහල පිවිසෙන සියළුම රෝගින්ට හා වාහනවලට නව රෝහල් සංකිර්ණය පිහිටි ගොඩනැගිල්ල දෙසින් ඇති මාර්ගය භාවිතා කරන ලෙස රෝහලේ වෛද්‍යවරුන් ඉල්ලා සිටියි.

මෙම මාර ගස කඩා වැටිමේ අවධානමක් පවතින බව රෝහලේ වෛද්‍යවරුන් විසින් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයා හා රාජ්‍යය දැව සංස්ථාවට දැනුම් දි තිබු බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

කඩා වැටුණු මාර ගසේ අත්ත කපා ඉවත් කිරිමට නොර්වුඩ් පොලිසියේ නිලධාරින් මේ වන විට කටයුතු කර තිබේ.

Read more

Local News