අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිර හන බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැක අතර උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳන් වේ.

Read more

Local News