අගමැති ධූරය විතරක් නෙවෙයි ජනාධිපති ධූරයත් අපි ලබාගන්නවා

Share

එක්සත් ජාතික පක්ෂයේ අරගලය අවසන් වන්නේ අගමැතිධුරය පමණක් නොව ජනාධිපතිධුරයත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ලබා ගෙන යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ රැස්වීමේදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

” දැන් තියෙන්නේ හැංගිමුත්තම් ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එජාපය සමග දේශපාලන පක්ෂ එකට එකතු වෙලා ඉන්නවා. ආණ්ඩුවෙන් තවත් කිහිපදෙනෙක් දෙනෙක් එන්න ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදීව මේ අරගලය විසදාගන්න වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති ඉවත් කරන්න බැහැ.19 වැනි සංශෝධන අනුව අගමැති ඉවත්කරන්න ඔහු මිය යන්න ඕනේ. නැත්නම් මන්ත්‍රිධුරය නැතිවෙන්න ඕනේ. 26 වැනිද නිතිවිරෝධිව අගමැතිවරයෙක් පත් කළා. පත් කිරිම ව්‍යවස්ථා විරෝධියි. නිවස බදු දුන්නේ අවුරුදු 05 කට නමුත් ගිවිසුම මැද්දෙන් කැඩුවා. හොරෙන් වෙන කෙනෙක්, ව්‍යාජ අගමැති කෙනෙක් පත්වෙනවා. මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න නීතියට අනුව කටයුතු කරන්න වෙනවා. නිත්‍යානුකුල ක්‍රමවේදයකට අනුව තමයි එය කළ යුතු වන්නේ.

රටම අද බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. සංචාරකයින් එන්නේ නැහැ. රටේ හෝටල් වැහිලා. සංචාරක ව්‍යාපාරයේ නියුතු සියළු වාහන කොට උඩ.

අපි පාර්ලිමේන්තුව ඇතුලේ විශල අරගලයක් කළා. මේ ආණ්ඩුවේ අය හැංගමුත්ත කාරයින් වගේ හැසිරෙනවා. අද අගමැතිවයෙක් අමාත්‍ය මණ්ඩලයක් නැහැ, ආණ්ඩුවක් ඇත්තේ නැහැ. මාධ්‍ය ආයත වහල් ආයතන බවට පත්වෙලා යැයි” මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියා.

Read more

Local News