වර්තමාන එක්සත් ජාතික පක්ෂය ආක‍්‍රමණය කිරීමට බටහිර ගැති පාර්ශ්ව කටයුතු කර ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
ගම්පහ ප‍්‍රදේශයේ පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙසේ පැවසීය.
“මේ රටත් ජාතියත් ආගමත් වසර 2500ක් ආරක්ෂා කළේ ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙකයි. අද දේශපාලන පක්ෂ නිසා මේ පක්ෂ දෙකත් කැඩී බිඳී ගොස් තිබෙනවා. නමුත් වර්ථමානයේ මේ පක්ෂ දෙක යළිත් එකට එකතුව කටයුතු කළ යුතුයි. දේශපාලනඥයන්ට රට දී බලා සිටීම නොකළ යුතුයි.”
එක්සත් ජාතික පක්ෂයද ජාත්‍යන්තරය විසින් ආක්‍රමණය කර ඇති බවත් ඒ නිසා මේ රටේ සුවඳ දැනුනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පිරිස පිටුපසට විසි වී ගොස් ඇති බවත් සඳහන් කළා.