සිවාජිලිංගම් අත්අඩංගුවට ?

59

අද (26) තිබෙන එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් එම නිවසට ගොස් ප්‍රභාකරන්ගේ 64 වන උපන්දින සැමරුමට සුදානම්ව සිටියදි හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් භාරයට ගෙන තිබේ.

යාපනය-වැල්වෙටිතුරේයි ප්‍රදේශයේ ප්‍රභාකරන්ගේ උපන් ගෙය තිබෙන අතර එම නිවස සුද්ද පවිත්‍රකරමින්  සිටි පිරිසක්ද වැල්වැටිතුරේයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඒ සඳහා රැගෙන ආ බඩු බාහිරද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව මෙම පිරිස පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව මුදා හැර අැති බව වාර්තාවේ.