හෙටත් ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

හෙට(27) දින පැය 15 ක කාලයක් දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය සැපයීම අත්හිටුවන බව දන්වා ඇති බැවින් මෙලෙස ජල කප්පාදුවක් සිදු කරන බව වාර්තා වෙයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර හා දකුණ), කටුකුරුන්ද/ නාගොඩ, පයාගල, පිලමිවාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුව, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම,දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Read more

Local News