අගමැතිට එරෙහිව ඉල්ලූ රීට් ආඥාව විභාගය අද

Share

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දින සහ 03 දින සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම් විභාගයට ගනු ලැබිය.

Read more

Local News