බැසිල්ට එරෙහි නඩුව ජනවාරි 15 තෙක් කල් තබයි

Share

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගය ලබන ජනවාරි මස 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එ් ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම ලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩුව  කැඳවනු ලැබුවේය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා වෙනත් නඩුවකට පෙනී සිටින හෙයින් එම නඩු විභාගය කල් තබන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලීමක් කරනු ලැබිය.

Read more

Local News