කිලෝ ග්‍රෑම් දෙදහසකට වඩා විශාල ඩොල්ෆින් මෙන්න – PHOTOS

Share

යාපනයේ කීරිමලෙයි මුහුදු වෙරළට කිලෝ ග්‍රෑම් දෙදහසකට වඩා විශාල බරක් ඇති ඩොල්ෆින් වර්ගයේ මත්ස්‍යයෙකුගේ මළසිරුරක් ඊයේ(25) දා සවස ගොඩ ගසා තිබේ.

පළාතේ ධීවරයින් පිරිසකට මෙම මත්ස්‍යයා හමු වී ඇති අතර ඔවුන් ඒ මත්ස්‍යයාව පරීක්ෂා කිරීමේදී උදර ප්‍රදේශයේ කැපුම් තුවාල විශාල සංඛ්‍යාවක් දක්නට ලැබු ණු බවද කියා සිටිති.

යාපනයේ කීරිමලෙයි ප්‍රදේශයේ ධීවරයෝමේ පිළිබඳව යාපනයේ ධීවර පරීක්ශක කාර්යාලයට තොරතුරු දැණුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ මේ මත්ස්‍යා පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

එම නිලධාරීන් කියා සිටින්නේ මේ ඩොල්ෆින් වර්ගයේ මත්ස්‍යයා මිය ගොස් දැනට දින හතරක් පමණවිය හැකි බවයි.

තල්මසා මිය යාමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති අතර ධීවර ක්‍රියාකාරකමක් හෝ නැවක ගැටීමෙන් මිය යා හැකි බවට සැකකරන බව වෙරළාරක්ෂණ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

 

Read more

Local News