පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Share

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2018 දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

මෙවර පෞද්ගලික විභාග අයදුම්කරුවන් සංඛ්‍යාව 233,791ක් බවත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බවද පෙන්වා දෙයි.

එසේ නොලැබුණු යම් අපේක්ෂකයෙක් වෙතොත් ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග ප්‍රවේශපත්‍රයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.doenets.lk) යටතේ බාගත කරගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News