මන්නාරම සමූහ මිනී වලේ කැනීම් යළි අරඹයි

Share

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවල කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව එම ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද(27) දින ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සමූහ මිණිවල කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ජර්මානු තානාපති ඇතුළු කාර්යාල නිලධාරීන් තිදෙනෙකුට අද දිනයේදී සමූහ මිණිවලේ කැනීම් කටයුතු නිරීක්ෂණයට අවසර ලැබී ඇති බවයි.

සමූහ මිණිවලේ සිදුකල කැනීම තුළින් වර්තමානය දක්වා මිනිස් සිරුරු 235 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති අතර සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 229කට අදාළ කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද එ් මහතා සඳහන් කළේය.

කැනීම් මඟින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Read more

Local News