ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුව අරඹේ

Share

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ‍්‍රී ලංකාවයි.

කාලීන වශයෙන් ථෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ල වන අභියෝග සඳහා වඩාත් ශක්තිමත් විසඳුම් සෙවීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වන අතර නවීන ලෝකයට ගැළපෙන පරිදි ථෙරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරීම මෙන්ම ථෙරවාදි බෞද්ධ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පර්යේෂණ ප‍්‍රවර්ධනය කිරීම ද එහි තවත් අරමුණකි.

ථෙරවාදි බුදු දහම ව්‍යාප්තව ඇති රටවල් දහයක භික්ෂුන් වහන්සේලා සහ විද්වතුන් මෙම සමුළුවට එක්ව සිටින අතර, සිතගු විශ්වවිද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක පූජ්‍ය අශීන් ඥාණිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහි දී ජනාධිපතිතුමා විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වීය.

Read more

Local News