ප්‍රභාගේ උපන්දිනේට සිසුහූ කේක් කපති

Share

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 26 වැනිදා උදැසන කේක් කපා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූ බව යාපනයේ ආරංචි මාර්ග කියයි.

මෙම සිදු වීම හැරුණු කොට වෙනත් කිසිදු විශේෂ සිදුවීමක් වී නොමැති වුවත් යාපනය කෝපායි හා විශ්ව විද්‍යාලය පිහිටි ප්‍රදේශය පුරා 25 දා රාත්‍රී සිට ආරක්ෂාව දැඩි කොට තිබේ.

මේ අනුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මුර සංචාරක කටයුතු වල නියැලෙන අතර විශේෂ යතුරු පැදි ඒකකයද ක්‍රියාත්මක කොට තිබේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනය 26දාට ත් 27 දාට මහවිරු දිනයත් යෙදී ඇත.

කොටි සංවිධානයේ කොඩිය, සංකේතය හෝ නිල ඇඳුමින් සැරසී සිටින කොටින්ගේ ඡායාරූප යොදා ගෙන කවරකු හෝ සැමරුම් කරන්නේ නම් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගන්නා බව යාපනයේ පොලිසිය විසින් මේ වන විට සියලුම දෙනාට දැනුම් දී තිබේ.

Read more

Local News