මහින්දට එරෙහිව පෙත්සමක්

Share

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Read more

Local News