වේගෙන් අා ලොරිය වෑන් රියේ ගැටෙයි

Share

හැටන් සිට ගම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් සහ නාවලපිටිය සිට කටුනායක දක්වා ධාවනය වු වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටි අනතුරක් සිදු වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අද (27) පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බලංතොට ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය ඉදිරයෙන් ධාවනය වු බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අනතුර සිදු වන අවස්තාවේ වෑන් රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, වෑන් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ. අනතුරින් වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

වෑන් රථයේ ගමන් ගත් පිරිස කටුනායක ගුවන් තොටුපල දක්වා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදු වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

Read more

Local News