මහවිරු දිනයේ කොටි ඇඳුම් එළියට

Share

යාපනයේ කෝපායි ප්‍රදේශයේ ඊයේ (27) පවත්වන ලද මහවිරු උළෙලට ඊළාම් සිතියම සහිත ඇදුමක් පැළදගෙන පුද්ගලයෙකු පැමිණ තිබූ බව ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ.

ඒ මොහොතේම එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කිරීම් සිදු කර තිබුණත් ඔහු කෙසේ හෝ එම භුමියෙන් පලාගොස් ඇත.

දැනට යාපනයේ ආරක්ෂක අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙවැනි ඇදුම් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කොට විවිධ පළාත්වල මහවිරු උළෙලවල් වලට සහභාගී වන පුද්ගලයින් අතර බෙදා දීමට සංවිධායකවරුන් පියවර තිබේ.

නමුත් යාපනය දිසා විනිසුරුවරයා ලබා දුන් නියෝගයේ එවැනි සිතියම් භාවිත කිරීම තහනම් බව සැලවීමත් සමගම සංවිධායකවරුන් එම ඇදුම ජනතාව අතර බෙදා දීමෙන් වැළකී සිට තිබේ.

යාපනයේ කෝවිලක මීට මාස කිහිපයකට ඉහතදී පවත්වන ලද උත්සවයකදී විදුලි බුබුලුවලින් ආලෝක කොට මෙවැනි සිතියමක් රැගෙන යාම මත යාපනයේ හත් දෙනෙකුට විරුද්ධව නඩුවක් ගොණු වී තිබියදී මෙවර මහවිරු උළෙලට නිර්මාණය කළ ඇදුමකට ඊළාම් සිතියම ඇතුළත් කොට තිබීම ගැනද ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Read more

Local News