කතරගම පුදබිමේ හරක් පිරෙයි

Share

කතරගම පුදබිමේ අයාලේ යන ගවයින් විශාල වශයෙන් ලැග සිටීම නිසා බැතිමතුන් විශාල දුෂ්කරතාවන්ට පත්ව ඇත.

අයාලේ යන මී ගවයින් මෙන්ම එළ ගවයින් රංචු කතරගම දේවාල භූමියේත් කිරිවෙහෙර බිමේත් කතරගම නගරයේත එහෙ මෙහෙ දිවයන අතර මේ ගව රංචු රාත්‍රී කාලයේ පූජා භූමියේ ළැඟ සිටින බැවින් වන්දනා කරුවන් උන්ගේ ඇඟේ හැපී ඇද වැටී තුවාල සිදු වන අවස්ථාද වැඩි වී තිබේ.

මේ පිළිබඳ විමසූ විට කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතා සඳහාන් කළේ ගවපට්ටි හිමියන්ට මේ පිළිබඳ කීප විටක්ම අවවාද කළ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවන බවත්ය.

Read more

Local News