දරුවන්ට විවේකය අවශ්‍ය බව විජයදාස කියයි

Share

ඔරොත්තු නොදෙන තරගයක යෙදීම තුළ වර්තමානයේ බොහෝ දරුවන්ගේ විවේකී මනස විකෘති වී ඇති බව රට තුළ බොහෝ අපරාධ, ලිංගික හිංසන, ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට ‍මූලික හේතුව වී ඇත්තේ ඔරොත්තු නොදෙන තරගයක යෙදීම තුළ වර්තමානයේ බොහෝ දරුවන්ගේ විවේකී මනස විකෘති වී ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ  පැවති සම්මාන ප්‍රදානෝත්සවයක් අමතමිනි.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ මේ තත්ත්වය කෙරෙහි ගුරුවරුන්, දෙමව්පියන්, ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම සුවිශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා පැවසුවේ රටේ අධ්‍යාපනය තුළින් උගතුන්  බිහි කළ ද බුද්ධිමතුන් බිහිකිරීමක් සිදු නොවන බවත්කටපාඩම් ශක්තිය ඇති දරුවන් විභාග සමතුන් ලෙස ඉදිරියට යාම ප්‍රමාණවත් නොවන බවත් දරුවන්ගේ මනස සංවර්ධනය කිරීමට අවශ්‍ය පිටුබලය අප අධ්‍යාපනය හරහා ලබාදිය යුතු බවත්ය.

Read more

Local News