වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කරයි

Share

හෙට (29) සිට වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පැවසීය.

එම මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසුවේ එහි සමාරම්භය හෙට(29) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොලට නිකුත් කිරීමේ කටයුතු හෙට පෙරවරුවේ ආරම්භ කරයි.

පළමු සහල් තොගය වශයෙන් සහල් කිලෝ 15,000ක් වෙළෙඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර දෙසැම්බර් මස අවසන් වීමට ප්‍රථම සහල් මෙ. ටොන් 4000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය විසින් කටයුතු යොදා තිබේ.

Read more

Local News