මෙතෙක් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කිරීම සහ කරුණු විමර්ශන කිරීම පිණිස උපදෙස් ලබා දීමට පත් කළ විශේෂ කොමිෂන් සභා වාර්තාව එළි නොදැක්වීම ගැන විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ කනස්සල්ල පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 අගෝස්තු මස 20 වන දින සිට මාස 2 ක කාල සීමාවක් සඳහා විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රාජ්‍ය අංශයේ සේවක වැටුප් හා දීමනා පිළිබඳව ඇති ගැටළු සම්බන්ධයෙන් වන පරීක්ෂණ කිරීම හා කරුණු විමර්ශනය කිරීම පිණිස උපදෙස් ලබා දීමට විශේෂ කොමිෂන් සභාවක් පත්කර තිබේ.
අදාළ කොමිෂන් සභා වාර්තාව ඔක්තෝබර් මස අග දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබුණ ද මෙතෙක් සිදුව නොමැති බව එම සංගමය සඳහන් කරයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් සංගමය විසින් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කළ බව ද විශ්වවිද්‍යාල විධායක නිලධාරී සංගමය වැඩ්දුරටත් පැවසිය.
එවැනි තත්ත්වයක් තුළ මෙම වාර්තාව ප්‍රමාද වීම හා ගැටළු නිරාකරණය නොවීම ගැන තම නොසතුටට පළ කරන අතර අදාළ වාර්තාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.