අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ප්‍රමාද වන ලකුණු

Share

2019 වසරේ පෙබරවාරි මස අවසන් විමට පෙර පාසල් සිසුන් සඳහා නිළ ඇඳුම් රෙදි බෙදාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් නිළ ඇඳුම් සඳහා තිලිණ පත් ලබාදීමේ ක්‍රමය වෙනුවට පාසල් නිළ ඇඳුම් රෙදි ලබාදීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ සඳහා පසුගිය 22 වන දින කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිළ ඇඳුම් රෙදි වෙනුවට තිලිණ පත් ලබාදීම තුළින් වසරකට රුපියල් මිලියන 550ක පමණ වැඩිපුර වියදමක් දැරීමට සිදු වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම අදාල වැඩපිළිවෙල තුළින් දෙමාපියන්ට ද අමතර වැය බරක් සහ කාලයක් ගත කිරිමට ද සිදුව ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම නිසා පාසල් දරුවන්ට සෘජුවම නිළ ඇදුම් රෙදි ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read more

Local News