අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙන්න

Share

අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‍

අද පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ පළමු වැනියට යොදා ඇත්තේ අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමේ යෝජනාවයි.

මීට පෙර පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගෙන ආ බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් තවත් මන්ත්‍රීවරුන් කොටසක් කීවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ක්‍රම දෙකක් ගැන ස්ථාවර නියෝග වල සඳහන් බවයි. ඉන් එක් ක්‍රමයක් වන්නේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහකට පසු න්‍යායපත්‍රයට ඇතුළත් කර විවාදයට ගැනීම බවත්, ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව ඉදිරිපත් කිරීම අනිත් ක්‍රමය බවත් මන්ත්‍රීවරු කීහ.

කෙසේ වෙතත් මෙම යෝජනාව ගෙනැවිත් ඇත්තේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බව කියති.

14 වැනි දා පැවැති විශ්වාස භංගය සම්මත වීමෙන් පසු අගමැතිවරයකු සහ ආණ්ඩුවක් නොමැති බැවින් රජයේ මුදල් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව මෙම යෝජනාවේ සඳහන්වේ.

Read more

Local News