ශ්‍රී පාද මාර්ගයේ අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට පියවර

Share

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට සීත ගගුල දක්වා ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ගයේ සීමාව සලකුණු කිරීමෙන් අනතුරුව පොලිසියේ ද සහයෝගය සහිතව අදාළ වෙළඳසැල් කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

අවිධිමත්ව පරිසරයට කැලිකසල බැහැරන වන්දනාකරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීම සඳහා ස්ථාන කිහිපයක සී.සී.ටී.වී කැමරා පද්ධති සවි කිරීමට ද තීරණය කර කර අැත.

එළඹෙන ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයක එක් රැස් කර ඒවා කොළඹට ප්‍රවාහනය කර ප්‍රතිචක්‍රිකරණය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේ.

එමෙන්ම මෙවර වන්දනා සමයේදී හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා තිබේ.

Read more

Local News