වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට චන්ද්‍රසේනගෙන් ඉල්ලීමක්

Share

වතු හාම්පුතුන්ගෙන්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා සාධාරණ පියවරක් ගන්නා ලෙස ඉල්ලිමට බලාපොරොත්තුවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ ඊයේ(28) පැවැති මාධ්‍ය හමුවකදීය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ අමාත්‍යාංශය බාර ගනෙ සති දෙකක් ගතව ඇති බවත් සමහර කරුණු පිළිබඳ තොරතුරු මේ වන විට සොයා බැලූ විට පසුගිය වසර 3 හමාර තුළ අමාත්‍යාංශයෙන් කිසිදු වැඩක් ඉටු නොවු බව පෙනී යන බවයි.

එමෙන්ම ඇතැම් අමාත්‍යවරු ඉඩම්වල ගස් කැපීම පමණක් සිදු කර ඇති බවත්, සියලු දේ පාඩුවට සිදුව ඇති බව පෙනී වන බවත් තේ නිෂ්පාදය අද වන විට සියයට 25 ක් පමණ අඩුවී ඇති බවත්, පැවසු අමාත්‍යවරයා වතු කම්කරු ජනතාවගේ ඉල්ලීම් සාධාරණ බව පෙනී යන බව අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News