ලයන් එයාර් ගුවන්ගත කිරීමට නුසුදුසු මට්ටමක තිබූ බව හෙළිවෙයි

Share

පසුගිය මස අනතුරට පත්වූ ලයන් එයාර් ගුවන් යානය එම අවස්ථාවේදී ගුවන්ගත කිරීමට නුසුදුසු මට්ටමක පැවති බව අනතුර සම්බන්ධයෙන් සිදුකළ නවතම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

පුද්ගලයන් 189 දෙනෙකුට මරු කැඳවමින් මෙම ගුවන් යානය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා අනතුරට පත්විය.

ලයන් එයාර් ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපළින් ගුවන්ගතව විනාඩි කිහිපයකට පසුව ජාවා මුහුදට කඩා වැටුණු අතර  මම අනතුර සම්බන්ධයෙන් පැවති මූලික පරීක්ෂණවලදී යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව සඳහන් වුවත්, පසුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සිදුකරන ලදී.

අනතුරට පත් බෝයිං 737 මැක්ස් යානය බෝයිං සමාගමේ 737 යානා මාදිලියේ නවතම සංස්කරණය වන අතර, එය වැඩිම අලෙවියක් සහිත ගුවන් යානයක් ලෙසද සැලකෙයි.

මෙම නවතම පරීක්ෂණය සිදුකළ ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව (KNKT) සඳහන් කරන ආකාරයට මෙම අනතුර සිදුවීමට පෙර ගමන් වාරවලදී යානයේ තාක්ෂණික දෝෂ පවතින බව දැන දැනත් එය යළිත් සේවයේ යෙදවීමට කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම, මෙම අනතුරට පෙර බාලි දූපතේ ඩෙන්පසාර් හි සිට ජකාර්තා දක්වා සිදුකළ ගමන් වාරයේදීද යානයේ කාර්මික දෝෂයක් පෙන්වා දි තිබේ.

Read more

Local News