යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මස් කල 2ක් දැලේ

Share

දිවයිනේ ප්‍රධාන නගරවල ගාල් කර තිබෙන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරාගෙන ගොස් කොටස් වලට වෙන් කර අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි සැකකරුවන් දෙදෙනෙක් නව කුරුදුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ කොටුව ප්‍රදේශයේ ගාල් කර තිබු රු තුන්ලක්ෂ හැත්තෑදහසක් වටිනා යතුරු පැදියක් සොරාගෙන නාවලපිටිය ප්‍රදේශයට රැගෙන එන අවස්ථාවේ නාවලපිටිය නව කුරුදුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් යතුරු පැදිය නතර කරන ලෙසට කල නියෝගයක් නොතකා යතුරුපැදි කරු යතුරු පැදිය ධාවනය කරවන අවස්ථාවේ පොලිස් නිලධාරින් යතුරු පැදි කරු ලුහු බැද ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියේ අනන්‍යතාවය තහවුරු කිරිමට සැකකරුවන් අපොහොසත් විම නිසා එ පිලිබඳව පොලිසිය විසින් කල සොයා බැලිමකදි එම යතුරු පැදිය රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක බවත් එම යතුරු පැදිය සොරාගැනිම සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසියේ පැමිණිල්ලක්ද කල තිබු බවයි නව කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජි.එල්.සි සිරිකාන්ත මහතා කියා සිටියේ.

එම සැකකරුවන්ගෙන් දිගින් දිගටම කල ප්‍රශ්න කිරිමකදි පේරාදෙණිය ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද ත්‍රිරෝද රථයක්ද සොයා ගැනිමට පොලිසිය සමත් වි ඇත. එම ත්‍රිරෝද රථයේ එන්ජිම් කොටස කොළඹට අලෙවි කර තිබියදි එම එන්ජිමද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිදු කල සොරකම් ගණනාවකට සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරුවන් දෙදෙනෙකු බවත්, මෙම සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අවු 21 ත් 18 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි පොලිසිය කියා සිටියේ.

මෙම සැකකරුවන් සි.සි.ටි.වි කැමරා පද්ධති ලේසර් කිරණ ආධාරයෙන් අක්‍රිය කර මෙම සොරකම් සිදු කරන බව තොරතුරු අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් සීනෙත් විජේසේකර මහතා වෙත ඊයේ (29) ඉදිරිපත් කිරිමෙන් පසු මෙම සැකකරුවන් ලබන මස 6 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Read more

Local News