ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ දුක සැප බලන්න අගමැති යයි

Share

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සැප දුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

ආරක්ෂක හේතූන් මත මාණ්ඩලික ප්‍රධානීවරයා මැගසින් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවීමටයි ඊයේ පියවර ගැනුණේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා සිටියි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල විය.

තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාල නඩුව පෙරේදා කැඳවනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේයි.

පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read more

Local News