මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත්තේ ටී. 56 ගිණි අවියකින් වෙඩි තැබීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, තමා මඩකළපුවේ කරුණා අම්මාන් බව පවසමින් පසුගියදා ට්විටර් පණිවුඩයක් මගින් තර්ජනාන්විත නිවේදනයක් නිකුත් කර තිබූ බවද මෙහිදී පැවසීය.