ජනජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Share

වත්මන් දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් රටේ ජනතාවගේ ජනජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතබා වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපතිවරයා සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීම් ලිපි ප‍්‍රදාන උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය.

අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළේය.

Read more

Local News