ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු, කඳුරුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කඳුරුවෙල නගරයේ ලොතරැයි අළෙවිසැලක් වෙත ව්‍යාජ රුපියල් 500 නෝට්ටුවක් ලබාදී ලොතරැයි ගැනීමට තැත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට සැකකල ලොතරැයි අළෙවිකරු ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව සැකකරු සතුව තිබී රුපියල් 500 නෝට්ටු 03ක් හා එම නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව, නවනගරය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News