LTTE සංවිධානය සඟවා තිබූ යුද උපකරණ තොගයක් හමුවෙයි

Share

පුදුකුඩිරිප්පු, සුදන්දිපුරම් ප්‍රදේශයේදී යුධ සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සඟවා තිබූ යුද උපකරණ තොඟයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා මුලතිව් කඳවුරේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාල යුධ උපකරණ තොඟය සොයාගෙන ඇති බව වාර්තාවේ.

එහිදී ටී 56 උණ්ඩ 2250ක්, ආර්.පී.ජී උණ්ඩ 03ක්, දුම් බෝම්බ 02ක්, මිලිමීටර් 120 උණ්ඩයක්, මිලිමීටර් 120 පියුස් 03ක්, මිලිමීටර් 81 උණ්ඩයක්, මිලිමීටර් 40 උණ්ඩයක්, ආටි සෙල් 06ක් ඇතුලු යුධ උපකරණ තොඟයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේ අදාල යුධ උපකරණ තොඟය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කිලිනොච්චිය කඳවුරේ සෝදිසි සහ බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායමේ සහය ඇතිව විනාශ කළ බවයි.

Read more

Local News