මාර්ග සහ ගොඩනැගිලි විනාශ කරමින් සිදුවූ ප්‍රභල භූකම්පනය

Share

අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රභල භූකම්පනයෙන් එහි ප්‍රධාන නගරය වන ඇන්ක්‍රෙග් සහ අවට ප්‍රදේශ වල මහා මාර්ග, ගොඩනැගිලි වලට දැඩි අලාභ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපකයේ එකාක 7 ක් සහ ඒකක 5.7 ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පන දෙකක් ඉතා ආසන්න කාලයක් තුලදී සිදුවූ බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.

මෙම භූකම්පනයෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News