කිම්ජොං අන් හමුවීමට ට්‍රම්ප් කැමැත්ත පළ කරයි

Share

උතුරු කොරියානු නායක කිම්ජොං අන් යළි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.

ඒ ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව දකුණු කොරියානු ජනාධිපති මූන් ජෝ ඉන් හමුවූ අවස්ථාවේදීයි.

උතුරු කොරියාවේ පූර්ණ සහ තහවුරු කළ න්‍යෂ්ටික අවිහරණයක් ඇමරිකාවේ අපේක්ෂා වන අතර ඒ සදහා කැපවී සිටින බව ජනපති ට්‍රම්ප් එහිදී පවසා ඇත.

පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේ පැවති සමුළුවේ පසු විපරමක් සිදුකිරීම ද අවශ්‍යතාවකි.

එහෙත්, එවැනි දෙවැනි සමුළුවක් පැවැත්වීමේ අභිලාෂය ජනපති ට්‍රම්ප් පළ කළේ යැයි දකුණු කොරියානු නායකයා කියා සිටියේය.

Read more

Local News