යුක්තියේ යාත්‍රාව අද මහියංගනයට

Share

රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත්‍රාව අද (02) තංගල්ලෙන් ගමන් ආරම්භ කරීමට නියමිතය.

එය අද දිනයේ කතරගම, මොණරාගල හරහා මහියංගනය දක්වා ගමන් කිරීමට නියමිතය.

යුක්තියේ යාත්‍රාව ඊයේ (01) උදෑසන කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

ඊයේ දිනයේ රථ පෙළපාලිය දෙවුන්දරින් අවසන් වූ අතර, මාතර නගරයේදී ඔවුන් ජන හමුවක් ද පවත්වනු ලැබීය.

Read more

Local News