ශ්‍රී ලංකා ජාතික මහා සභාව අද ඇරඹේ

Share

ස්වාධීන මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් අද (02) ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

දේශපාලනඥයින්ට ඉහළින් තීරණ ගත හැකි, රටට ආදරය කරන පිරිසකගේ එකමුතුවෙන් එම බලවේගය ගොඩනැගීමට කටයුතු කරන බව කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

අදාළ සමුළුව රාජගිරිය – ගෝතමී මාවතේ පිහිටි සදහම් සෙවණේදී අද උදෑසන 9.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

Read more

Local News