රතන හිමිගේ සමුළුවට අගමැති හා වසන්ත සේනානායක පැමිණෙයි

Share

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවූ ජාතික සභාවේ සමුළුව අද (02) පෙරවරුවේ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්විණි.

රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් මෙම සමුළුව කැඳවා තිබිණි.

මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විනාඩි 20ක පමණ සාකච්ඡාවකද නිරත වී තිබේ.

මෙම සමුළුවට දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගී වී සිටියේය.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක ද එක්ව සිටි බව වාර්තා වේ.

Read more

Local News