මෛත්‍රී, රනිල්, මහින්ද එක් විය යුතුයි

Share

දකුණේ දේශපාලන කටයුතු ව්‍යවස්ථා විරෝධි බව උතුරු පළාත් හිටපු මහ ඇමති සී. වී විග්නේශ්වරන් මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු දකුණේ දේශපාලන ක්‍රියාව තුළ උද්ගතව පවතින ගැටළුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකට එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දින වවුනියාවේ පැවති සංස්කෘතික රංග ශාලාවේ පැවති ප්‍රාදේශිය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහනකට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුව තුල හා ආණ්ඩුවේ උද්ගතව තිබෙන ප්‍රශ්නය ව්‍යවස්ථානුකූල නොවන බවයි.

Read more

Local News