පාකිස්තානයට කඩුලු 7ක ජයක්

Share

සිව්වන එක්දින තරඟය අද (20) පැවැත්විණි. ඒ අනුව කාසිය වාසිය ලබා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙන දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 173ක් පමණි. ඒ පන්දු වාර 43ක් හා පන්දු 4ක දීය.

174ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායමට ක්‍රිඩකයන් තිදෙනෙක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට හැකි විය. ඒ පන්දු වාර 39ක් පමණක් වැය කරමිනි.

ඒ අනුව සිව්වන එක්දින තරඟය පාකිස්තානයට කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට හැකි විය.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පිට පිට තරඟ හතරම ජය ගැනීම නිසා පාකිස්තානය තරගාවලිය 4-0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

 

Read more

Local News