ජෝර්ජියාවට ජනපතිනියක්

Share

ජෝර්ජියාවට ප්‍රථම වරට ජනපතිනියක් තේරි පත්වි තිබේ.

ඒ ජෝර්ජියාවේ පැවති ජනාධිපතිවරණයෙන් සලෝමේ සුරාබිෂ්විලී ජයග්‍රහණය කර තිබේ.

මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ලැබෙන විට ප්‍රංශයේ උපත ලබා ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන සුරාබිෂ්විලී 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ඇයට තරගයක් ලබාදුන් ග්‍රිගෝල් වෂාඩ්සේ ලබාගෙන ඇත්තේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

එමෙන්ම, මෙම මැතිවරණයේදී එරට පාලක පක්ෂය වන ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය ඇයට සහාය දක්වා ඇති අතර, ප්‍රතිවාදී අපේක්ෂකයාට එක්සක් විරුද්ධ පක්ෂ සන්ධානය සහාය දක්වා තිබේ.

ඉදිරියේදී ජෝර්ජියාව වෙත පැමිණෙන නව ව්‍යවස්ථාව අනුව එරට ජනපති ධුරය බොහෝ සෙයින් නාමමාත්‍රික තත්ත්වයකට පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනපති ලෙස පත්වීමෙන් පසුව ඇය පවසා තිබුණේ තමන් යුරෝපය මෙන්ම රුසියාව සමගද වඩාත් සමබර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

Read more

Local News