ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කරන තෙක් අභියාචනාධිකරණ තීන්දුව වලංගුයි

Share

අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එම අතුරු තහනම් නියෝගය බලාත්මක වීම නොනවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ටිවිටර් ගිණුමේ සදහන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවන තුරු එම නියෝගය ක්‍රියාත්මක බවද ඒ මහතා සදහන් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට සිය ධූර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව  මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read more

Local News