නාගරික මන්ත්‍රීවරු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්‍භ කරයි

Share

මහමැතිවරණයක් ඉල්ලා හම්බන්තොට මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් එක්ව සත්‍යග්‍රහයක් ආරම්‍භ කර තිබේ.

ඊයේ (03) රාත්‍රී හම්බන්තොට ගබඩා හන්දියේ මෙම සත්‍යග්‍රහයක් ආරම්‍භ කර ඇති බව වාර්තා වෙයි.

සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර රට දැය සුරකින ලෙසත් මෙම විජාතික බලවේගයන් සමඟ කටයුතු කරන පාලකයින් පරාජයකොට සැබෑ දේශ හිතෛෂී නායකයෙකු ලබාදෙන ලෙසත් කතරගම දෙවියන්ගෙන් ඉල්ලලා දේව කන්නලවුවක් කර පොල් ගසා මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.

සත්‍යග්‍රහය අරම්භකල පිරිස් කියා සිටියේ නැවත මහ මැතිවරණයක් ලබා දෙන තුරු මෙම සත්‍යග්‍රහය නතර නොකරන බවයි.

මෙහිදී අදහස් දැක්වූ හම්බන්තොට මහනගර සබාවේ නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා මේ බව පැවසීය.

”රට තුළ පවතීන මෙම අර්බුදකාරී තත්ත්වය නිසා එයට සැබෑ විසදුමක් වන මහ මැතිවරණයක් ලබා දෙන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට හම්බන්තොට ජනතාව විදියට තීරණයක් ගත්තා ,අපි ඉල්ලා සිටින්නේ වහාම මහ මැතිවරණයක් ලබාදී රටට අවශ්‍ය නායකයෙකු බිහිකරගන්න ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා”.

Read more

Local News