ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Share

අද (04) දින සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන පවත්වා තිබේ.

අධිකරණය විසින් ඊයේ (03) දින අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එම නිසා පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ජනාධිපතිවරයා විසින් මෙහිදී ලබා දී තිබේ.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

සියලූම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ජනාධිපතිවරයා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Read more

Local News