බුෂ්ට ට්‍රම්ප් අවසන් ගෞරව දක්වයි

Share

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ්ගේ දේහයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම්ප් අවසන් ගෞරව දක්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා සිය ආර්යාව සමඟ පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි.

ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් 1989 සිට 1993 දක්වා කාලය තුළ එම ධුරයේ කටයුතු කර ඇති අතර අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා විය.

94 වන වියේ පසු වූ ඔහු පසුගිය පළමුවනදා අභාවප්‍රාප්ත වු අතර දේහය පිළිබද අවසන් කටයුතු හෙට (05) දින සිදු කිරීමට නියමිතයි.

Read more

Local News