මඩකලපුවේ ඝාතනයට කිළිනොච්චියේ විරෝධතා

Share

මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පලකරමින් අද(04) දා දහවල් කිළිනොච්චිය නගරයේ විරෝධතා පාගමනක් හා උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

කිළිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, පළාත් වාසීන් හා එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක්ව සිටින පිරිස මේ විරෝධතාවයේ නිරත වී අැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම පිරිස සටන් පාඨ කියමින් ඒ-9 මාර්ගය ඔස්සේ කිළිනොච්චිය නගරයේ ගමන් කළ අතර ඔවුන් කියා සිටියේ යළිත් යුද්ධයක් හෝ යුද මානසිකත්වයක් රටට අනවශ්‍ය බවයි. රට තුළ නීතිය හා සාමය ස්ථාපිත විය යුතු බවත් මේ අන්දමට සිදු වන නීති විරෝධී ක්‍රියා තරයේම හෙළා දකින බවත් විරෝධතාකරුවෝ කියා සිටියහ.

Read more

Local News