පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹේ

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) දෙවන දිනටත් විභාගයට ගැනීම ආරම්භ කර තිබේ.

ගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අළුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාග කිරීම ඊයේ (04) ආරම්භ විය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මේ අතර මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර ,ජෝන් සෙනවිරත්න ඇතුළු නීතිඥ ධුර දරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දසදෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

Read more

Local News