වෑන් රථයක ගැටුණු පදිකයෙක් මරුට

Share

පයාගල පොලිස් වසමේ කිලෝමීටර් 47 හා 48 යන කණු අතර ඈතගම සණස බැංකුව ඉදිරිපිටදී වාද්දුව දෙසට ධාවනය වූ වෑන් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

ඊයේ(05) සිදු වූ මෙම අනතුරින් මරණයට පත් වූයේ ඇලදූව වත්ත, මතුගම ප්‍රදේශයේ පදිංචි වයස 51ක වේලු යෙසයියා යන පුද්ගලයෙකු වෙයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News