අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස්

Share

පවතින වර්ෂාවත් සමඟ අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

ඒ අනුව රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳීම අනිවාර්ය බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙසත් පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා තම රිය ධාවනය කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News