කේරළ ගංජා සමඟ 5ක් දැලේ

Share

යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 50 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ(05) සවස වවුනියාවේ ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පස්දෙනාම ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

මෙම සැකකරුවන් අද(06) වවුනියාව දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Read more

Local News